
අද මධ්‍යම රාත‍්‍රියේ සිට බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත‍්‍රියේදී නිකුත් කිරීමට නියමිතයි.
පසුගිය අප්‍රේල් මස 29 වනදා සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් ලෙස උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා.