
ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ කටයුතු වළක්වමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ක‍්‍රීඩා අමාත්‍යවරයා පත් කළ රග්බි අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, මෝසමක් මගින් අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි. ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ කටයුතු අත්හිටුවමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා මීට අදාළ පෙත්සම ගොනු කර තිබුණේ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින්.
ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළ රග්බි අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා එම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිශ්චයකට ලක්ව තිබෙන හෙයින් ඊට අදාළව නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි ප‍්‍රකාශ කළේ