/
/
title icon
අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණ කෙරූ මැනිං වෙළෙඳ සංගමයේ සභාපති ඇතුළු 12 ක් අත්අඩංගුවට
අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණ කෙරූ මැනිං වෙළෙඳ සංගමයේ සභාපති ඇතුළු 12 ක් අත්අඩංගුවට
Editor
1 year ago
Share:
අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණ කෙරූ මැනිං වෙළෙඳ සංගමයේ සභාපති ඇතුළු 12 ක් අත්අඩංගුවට

පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ පොදු වෙළද සංගමයේ සභාපතිවරයා ඇතුළු 12 දෙනෙකු අද පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අධිකරණ නියෝග නොතකමින් උද්ඝෝෂණයක නිරත වීමේ චෝදනාව මතයි.

මොවුන් අද සිදුකිරීමට නියමිතව තිබූ මෙම උද්ඝෝෂණය වළක්වාලමින් කොළඹ අලූත්කඬේ අංක 5 මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ තහනම් නියෝගයක් නිකුත් කළා.

එමගින් මැනිං වෙළෙඳ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින්ට දැනුම්දී තිබුණේ මෙම තහනම් නියෝගය නොතකා කිසියම් ක්‍රියාමාර්ගයක නිරත වන්නේ නම් අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ ක්‍රියාත්මක වීමට පොලීසියට හැකියාව පවතින බවයි.

දෛනිකව නුවරඑළිය, වැලිමඩ, තලවකැලේ, හඟු‍රන්කෙත, අනුරාධපුරය සහ අම්පාර යන ප‍්‍රදේශවලින් මැනිං පොදු වෙළෙඳ පොළට ලොරි රථ 150 ක් පැමිණෙනවා.

එමෙන්ම, එහි වෙළෙඳුන් දස දහසක් පමණ වෙළෙඳාම් සිදුකරන අතර පවතින වෙළෙඳසැල් සංඛ්‍යාව 1700 ක්.

පාරිභෝගිකයන් 12,000 ක් පමණ දෛනිකව මැනිං වෙළදපොලට එළවළු මිලදී ගැනීමට පැමිණෙන අතර අද දිනයේ මෙම සියලූ මෙහෙයුම් ක්‍රියාත්මක නොවන බවයි සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක ප‍්‍රකාශ කළේ.

මේ අතර, අද දින අත්අඩංගුට ගත් පිරිසට සාධාරණයක් නොවන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ මැනිං පොදු වෙළඳ සංකීර්ණය වසා තබන බව එහි නියෝජ්‍ය සභාපති ප‍්‍රසන්න ප‍්‍රභාත් ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required