
හිටපු ජනාධිපතිවරුන්ට වරප‍්‍රසාද ලබාදීමේදී ජනාධිපති වරප‍්‍රසාද අනුව පමණක් එය සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
එම පනතට අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වන්නේ විශ‍්‍රාම වැටුපක්, නිවසක්, වාහන 3 ක්, අවශ්‍ය ප‍්‍රමාණයට ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයෙකු පමණයි.
කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවල පවතින රජයන්හි සංශෝධනයන් මත වෙනස් වරප‍්‍රසාද ලබාදුන් අවස්ථා පවතිනවා. එම තත්ත්වය නිවැරදි කර ජනාධිපති වරප‍්‍රසාද පනතට අනුව පමණක් පහසුකම් සැපයීමටයි අවධානය යොමුකර ඇත්තේ.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන් යළි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත්වීම සහ වෙනත් තනතුරුවලට පත්වීම හේතුවෙන් ඇතැම් වරප‍්‍රසාද වෙනස්විය හැකි බව රජයේ ආරංචි මාර්ග සදහන් කළා.