/
/
title icon
ඖෂධ හිඟයෙන් සැත්කම්වලට බාධා එල්ල විය හැකියි – GMOA
ඖෂධ හිඟයෙන් සැත්කම්වලට බාධා එල්ල විය හැකියි – GMOA
Editor
1 year ago
Share:
ඖෂධ හිඟයෙන් සැත්කම්වලට බාධා එල්ල විය හැකියි – GMOA

ඖෂධ හිගය හේතුවෙන් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට ඉදිරියේදී බාධා එල්ල විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

කොළඹ – මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ ඇතුළු දිවයින පුරා පිහිටි වකුගඩු රෝහල්වල මෙම තත්ත්වය මතුවිය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියා.

එමෙන්ම, කොළඹ ජාතික රෝහලේ පවතින වායු සමීකරණ පද්ධතියද දැඩි දෝෂ සහිතව ක‍්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

වකුගඩු ශල්‍යකර්ම නතරවීමේ අවදානමක් මතුව ඇති බවට වෘත්තීය සමිති සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මාලිගාවත්ත වකුගඩු රෝහලේ සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක හිගයක් පවතින බවයි.

කෙසේ වෙතත්, වෙනත් රෝහල්වල එම ඖෂධ තොග පවතින බැවින් ගිලන් රථයක් මගින් කඩිනමින් මාලිගාවත්ත රෝහල වෙත එම ඖෂධ යොමුකරන ලෙස උපදෙස් දුන් බව අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 36 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පසුගිය සති දෙකේදී ඩෙංගු රෝගීන් 1564 ක් වාර්තා වී ඇති බවත් දෛනික වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් පවතින බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ සැපයුම්කරුවන් වෙනුවෙන් ගෙවූ රුපියල් මිලියන එක්දහස් පන්සිය විසි නවයක් යළි අයකරගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අපොහොසත්ව ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

එම සංස්ථාව සම්බන්ධ විගණන වාර්තාවක දැක්වෙන්නේ අසාදු ලේඛණගත සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 306 ක් පමණ අයකර ගැනීමද පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බවයි.

මේ අතර, විගණකාධිපති වාර්තාව අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට පුද්ගලික, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු රුපියල් මිලියන 28 යි දශම 4 යි 7 ක් වසර 05 කට වැඩි කාලයක සිට අයකරගෙන නොමැති බවද එහි දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required