
දෙදින නිල සංචාරයක් සඳහාදිවයිනට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා. කොළඹදී පැවති මෙම සාකච්ඡුාවේදී දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා
දෙපාර්ශවයම කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රශස්තකරණ ක‍්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. එමෙන්ම ජපාන රජයේ ආධාර මත ක‍්‍රියාත්මක සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය, වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුලූල් කිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බව සඳ
හන්.
මේ අතර ජපාන රජය රුපියල් මිලියන 611ක් වටිනා අධාර ප‍්‍රදානයක් ශ‍්‍රී ලංකාවට ලබා දුන් බව මෙරට ජපාන තානාපති කාර්යාලය සඳහන් කළා. ඊට අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම අද සිදු කෙරුණේ ජපාන විදේශ අමාත්‍යවරයාගේ සංචාරයට සමගාමීව අරලියගහ මන්දිරයේදීයි.
එමෙන්ම දූෂණ විරෝධී පනත ඇතුළු ශ‍්‍රී ලංකාව විනිවිදභාවය වෙනුවෙන් සිදු කරන ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලිය දිවයිනට පැමිණි ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා ප‍්‍රශංසාවට ලක් වුණා.
විදේශ ඇමති අලි සබ්‍රි සමග සාකච්ඡාවලින් පසු මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ එම උත්සහයන්ට ජපානය සහය ලබා දෙන බවයි. දැනට ක‍්‍රියාත්මක ආයෝජන ව්‍යාපෘති යලි ආරම්භ කරන ලෙස ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෙහිදී කියා සිටියා.