
මීමුරේ – හුන්නස්ගිරිය මාර්ගයේ පුස්සේඇල ප‍්‍රදේශයේදී මෝටර් රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් රුසියානු ජාතික තරුණයෙකු සහ ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මොටර් රථයේ එම අවස්ථාවේ ගමන්ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය රුසියානු ජාතිකයා 28 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාවගේ වයස අවුරුදු 51ක්.