/
/
title icon
මල් කැකුලට වස දුන්නාද, බිව්වාද ? – පොලිසිය විමර්ශන අරඹයි
මල් කැකුලට වස දුන්නාද, බිව්වාද ? – පොලිසිය විමර්ශන අරඹයි
Editor
1 year ago
Share:
මල් කැකුලට වස දුන්නාද, බිව්වාද ? – පොලිසිය විමර්ශන අරඹයි

වස පානය කිරීමෙන් හෝ වස පෙවීමෙන් බවට පැවසෙන 11 හැවිරිදි කුඩා දැරියක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරියක් පිය ඇතුළු ඥාතීන් පසුගියදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත්තේ කිසියම් විසක් ශරීර ගත වී ඇති බවට පවසමින්. දැරියගේ මව විදෙස්ගතව සිටින අතර කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි ඥාති නිවසක ඇය රැදී සිට තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දිනක ඇයගේ පියා පැමිණ දැරියව මදුරන්කුලිය ප‍්‍රදේශයේ එළවළු ගොවිපළකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහිදී පියා විසින් දැරියට විවිධ වද හිංසා සිදු කළ බවට දැරිය විදෙස් ගතව සිටින මවට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.

එවන් පසුබිමක දැරිය පසුගියදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත්තේ විසක් ශරීරගත වී ඇති බවට පවසමින්. එහිදී ප‍්‍රතිකාර ලබමින් සිටි දැරිය ඊයේ ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දැරියගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත බැවින් ඒ පිළබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required