
පසුගිය කාලසීමාව තුළ රටටත් ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
ණය ප‍්‍රශස්ථකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටළුවට විසදුම් හිමි නොවන බවත් නිවැරදි තීන්දු තීරණ සමග ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට අද එක්වෙමින්.
මේ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය ඉහළ අපනයන ආදායමක් උපයා දෙන කර්මාන්තයක් ලෙස සංවර්ධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ‍්‍රිතව මතුව ඇති ගැටලූ පිළිබඳව පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම, මෙම ක්ෂේත‍්‍රයට බලපාන බදු මෙන්ම, අපනයන හා ප‍්‍රතිඅපනයනය ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. ඒ අනුව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය නගා සිටුවීමට විධිමත් සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළා.