
වීසා නොමැතිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයෙකු කිලෝමීටර 1000ක දුරක් පා ගමනයේ නිරත වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ඔස්ට්‍රේලියානු රජය විසින් ඔහුගේ වීසා අවලංගු කර මේ වන විට දශකයකට ආසන්න බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි දරුණු සරණාගත විරෝධී ප‍්‍රතිපත්ති වලට එරෙහිව බලපෑම් කිරීමේ අරමුණින් ඔහු මෙලෙස පා ගමනක නිරතව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියානුඅග‍්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් හමු වී සරණාගතයින් මුහුණපා සිටින දුක්ඛිත තත්ත්වය ප‍්‍රකාශ කිරීම සඳහා
ඔහු කිලෝමීටර 1000ක දුරක් මෙලෙස ගමන් කර ඇත්තේ දින 3 ක් තිස්සේ බව සඳහන්.වීසා නොමැතිව රැකියාවක නිරත වීමට හෝ නොමිලේ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට ද නොහැකි තත්ත්වයක් පවතින බවයි විදෙස් වාර්තා
සඳහන් කළේ.
මේ අතර උතුරු මුහුදු සීමාව ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවට නීති විරෝධීව සංක‍්‍රමණය වන පිරිස් නතර කිරීම සඳහා විශේෂ වෙරළ ආරක්ෂක වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ පිළිබඳ සාකච්ජාවක් ඔස්ට්‍රේලියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් අතර පසුගියදා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී මෙරට වෙරළ ආරක්ෂක නිලධාරීන්ට
ඔස්ට්‍රේලියාවේ නව තාක්ෂණික දැනුම ලබා දීමට දෙපාර්ශවය අතර එකඟත්වය
පළ වී ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය කාල සීමාව තුළ නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට මෙරටින් පිරිස් සංක‍්‍රමණය වන බවට තොරතුරු වාර්තා වී තිබුණා. ඉන් බහුතරයක් උතුරු මහුදු සීමා ඔස්සේ සංක‍්‍රමණය වන බවටයි අනාවරණ වී තිබුණේ.