/
/
title icon
ආහාර විෂ වී බණ්ඩාරවෙල දරුවන් පිරිසක් රෝහලේ
ආහාර විෂ වී බණ්ඩාරවෙල දරුවන් පිරිසක් රෝහලේ
Editor
1 year ago
Share:
ආහාර විෂ වී බණ්ඩාරවෙල දරුවන් පිරිසක් රෝහලේ

බණ්ඩාරවෙල - දූල්ගොල්ල අශෝක විද්‍යාලයේ සිසුන් පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.  

ඒ අනුව පාසැල් සිසුන් 30 කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ පාසල ආරම්භ වීමෙන් අනතුරුව එම සිසු දරුවන් තුළින් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

ඔවුන් අනතුරුව රෝහල් ගතකර ඇති අතර, බණ්ඩාරවෙල දිසා රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ආහාර විෂවීමක් හේතුවෙන් දරුවන් මෙලෙස රෝගී වන්නට ඇති බවට සැක කරන බවයි.

රෝහලට ඇතුළත් කළ කිසිදු දරුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required