/
/
title icon
ජනපතිගෙන්‌ පෞද්ගලික අංශයට ආරාධනා
ජනපතිගෙන්‌ පෞද්ගලික අංශයට ආරාධනා
Editor
1 year ago
Share:
ජනපතිගෙන්‌ පෞද්ගලික අංශයට ආරාධනා

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.  

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරන සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වෙනවා.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම වෙනුවෙන් නව තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙහි අරමුණයි.

බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයින්, දැනුවත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.  

දින 03 ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේදී කර්මාන්ත සහ වෘත්තීය උපදේශන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිය, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා සඳහා වේදිකාවක් සපයනු ලබන අතර තාක්ෂණික අධ්‍යාපන ආයතන මගින් තොරතුරු තාක්ෂණ සහ ව්‍යපාර ක්‍රියාවලි පිළිබඳ වැඩමුළු පැවැත්වීමටද නියමිතයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required