
වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලුවලට රජය විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද විරෝධතා ව්‍යාපාරයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වනු ලැබුවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ රෝහල්වල ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන් ප්‍රතිකාර සේවා සැපයීමේදී මුහුණදෙන ගැටළුවලට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.