
මෙරටින් බිහි වූ අද්විතීය නිර්මාණ ශිල්පියෙකු වන ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනී මහතා අද දැයට සමු දුන්නා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ රාගම ශාන්ත පාවුළු දේවස්ථානයේදීයි.
එම අවස්ථාවට සහෝදර කලාකරුවන්, ආගමික නායකයින්, දේශපාලනඥයින් මෙන්ම ඔහුට ආදරය කළ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් එක්ව සිටියා.
රිය අනතුරකට ලක්ව මාස 14 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණා.

-
1 year ago
ජැක්සන්ගේ දේහය නිවසින්
මෙරටින් බිහි වූ අද්විතීය නිර්මාණ ශිල්පියෙකු වන ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද පස්වරුවේ ඔහුගේ කඩවත නිවසේ සිට අවසන් කටයුතු සිදු කෙරෙන රාගම ශාන්ත පාවුළු දේවස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.
එම අවස්ථාවේදීත් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මග දෙපස විශාල ජනකායක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
රිය අනතුරකට ලක්ව මාස 14 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණා