
ඡන්ද දායකයා ඡන්ද පොළට යැවිය යුත්තේ හිතේ වෛරය ඉවත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැති ඡන්ද දායකයෙක් ඡන්දපොළට ගිය දිනක හොඳ රටක් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනු ඇති බවයි ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
රනිල්ට ඊර්ෂ්‍යා කිරීම නවතා ඔහුගේ දැනුමෙන් වැඩ ගන්නැයිද එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා.
ශ්‍රී ලාංකිකයන් 1948 වසරේදී නිදහස ලබාගත් දා සිට අද වනතුරු අවුරුදු 75 ක් පුරා වරද්දාගත් ජාතියක් බව කී අබේවර්ධන මහතා ඒ වැරැද්දේ උපරිමය පසුගිය වසරේදී ළඟා වූ බව සඳහන් කළා.