/
/
title icon
අක්ෂි රෝහලේ මසකට සැත්කම් 900 ක්
අක්ෂි රෝහලේ මසකට සැත්කම් 900 ක්
Editor
1 year ago
Share:
අක්ෂි රෝහලේ මසකට සැත්කම් 900 ක්


සාමාන්‍යයෙන් මසකට අක්ෂි කාච සැත්කම් 900 ක් පමණ සිදු කරන බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය චින්තක බටවල මහතා පවසනවා. 
අක්ෂි සැත්කම් සඳහා කාචවල හිඟයක් නොමැති බවයි ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ. 
රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුතු අක්ෂි කාච 5000 ක පරිත්‍යාගයක් බ්‍රිතාන්‍යයෙන් ලැබුණු බවත්, කාච නැතිකම හේතුවෙන් අක්ෂි සැත්කම් කිසිදු දිනක නතර නොකළ බවත් ඔහු අවධාරණය කළා.  
“රැකියා ස්ථානයේදී අක්ෂි අනතුරු අවම කර ගැනීම“ මෙවර ජාතික දෘෂ්ටි දිනයේ තේමාවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required