
යාපනය - ස්ටැන්ලි මාවතේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කාන්තා මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.
ඇය අවුරුදු 65 ක් පමණ වන උස අඩි 05 යි අඟල් 05 ක් පමණ සිහින් සිරුරකින් යුතු කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාවගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඇය දුඹුරු පැහැති සාරියක් හැඳ සිට ඇති බව සඳහන්.