
දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග ඉදිරි මාස දෙකේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අත්හිටුවීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පසුගිය සමයේදී බිත්තර නිෂ්පාදකයින්ට නිසියාකාරව නොලැබුණු අමු ද්‍රව්‍ය නැවත ලබාදීම මගින් දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙලෙස බිත්තර ආනයනය නතර කිරීමට තීරණය කර ඇත්තේ.