/
/
title icon
අභිමානය සොයා ඉන්දියාව සහ පාකිස්තානය අද ලෝක කුසලාන තරග බිමට
අභිමානය සොයා ඉන්දියාව සහ පාකිස්තානය අද ලෝක කුසලාන තරග බිමට
Editor
1 year ago
Share:
අභිමානය සොයා ඉන්දියාව සහ පාකිස්තානය අද ලෝක කුසලාන තරග බිමට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනිවාර්ය ජයග්‍රහණයක් සොයා ඉන්දියාව සහ පාකිස්තානය අද තරග බිමට පිවිසෙනවා.  

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පස්වරු දෙකට ආරම්භ වන තරගය දෙස ලොවම බලා සිටින්නේ පස මිතුරුකම් පවතින දෙරටේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ‌දෙසයි.  

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භය සනිටුහන් කරමින් උළෙලක් නොපැවති අතර, තරගාවලියේ ඉන්දු - පාකිස්තාන තරගයට සමාරම්භක උළෙලක් පැවැත්වීමටයි තරග සංවිධායකයින් කටයුතු කර ඇත්තේ. 

ඒ වෙනුවෙන්ම විශේෂ උළෙලක් සංවිධාන කර ඇති අතර, ඊට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී ආරක්ෂාවද තර කර තිබීම විශේෂත්වයක්.  

සමාරම්භක උළෙල වර්ණවත් අංග රාශියකින් සමන්විත වනු ඇති බවට විශ්වාසය පළ කෙරෙන අතර, ප්‍රේක්ෂකයින් පිනවීමට සුපිරි ගායකයින් මෙන්ම රංගන ශිල්පීන්ද එක්වනවා. 

ඒ අතරට ඉන්දියාවේ මේ දිනවල වඩාත්ම ජනප්‍රිය ගායකයින් වන අර්ජිත් සිං, ශංකර් මහාදේවන් සහ සුක්වින්දර් සිං වනවා. 

මීට අමතරව විශේෂ ආරාධිතයින් ලෙස මෙවර ලෝක කුසලානයේ ගෝලීය තානාපති, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්, ඉන්දීය සුපිරි චරිතාංග නළුවන් දෙදෙනෙකු වන අමිතාබ් බච්චන් සහ රජිනිකාන්ත් සහභාගී වීමට නියමිතයි. 

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන්, හතරක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාව වීම විශේෂත්වයක්.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required