
චීන සංචාරයෙන් අනතුරුව පරිසර අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගනු ඇති බව වාර්තා වනවා.
හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පරිදි අහෝසි වීමත් සමගයි පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු වුණේ.
පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධුරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වනවිට ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සති අන්තයේ චීනයේ නිල සංචාරයක නිරත වන අතර යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව පරිසර අමාත්‍යවරයෙක් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.