
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුම වැසියන්ට පැය 24 ක කාලයක් ඇතුළත ගාසා තීරයේ දකුණු දෙසට යා යුතු බවට කළ නියෝගයෙන් අනතුරුව මේ වනවිට ගාසා තීරයේ උතුරු අර්ධයේ සිටින දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වනවිට දකුණු දෙසට සංක්‍රමණය වීමට පටන්ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලය නිකුත් කළ නියෝගය අවසන් වීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි.
ඔවුන් පිටත්ව යන සිවිල් වැසියන් සඳහා ආරක්ෂිත මාර්ග දෙකක්ද පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගාසා තීරයේ එම කොටසේ පලස්තීනුවන් මිලියන 1.1 ක් පමණ සිටින බවට විශ්වාසය පළ කෙරෙනවා.
සතියකට පෙර හමාස් තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් 1,300 ක් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් සිදු කරන ලද ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 1,900 ක් පමණ මේ වනවිට මියගොස් තිබෙනවා.
ජනාකීර්ණ ගාසා තීරයේ උතුරු කොටසේ ඊශ්‍රායලය නිවැසියන්ට පිටව යන ලෙස ඊශ්‍රායල ගුවන් යානාවලින් සිදු කෙරෙන දැනුම්දීම් හමුවේ එහි වැසියන් අතර නොසන්සුන් තත්ත්වයක්ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.