
යාපනය දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බැවින් එම පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද ප‍්‍රදේශය භාර පොලිස් ප‍්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔහු මෙම උපදෙස් ලබා දී ඇතතේ යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවැති විශේෂ කෘෂිකාර්මික කමිටු රැස්වීමට එක්වෙමින්.
අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේ ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළත් පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
යාපනයේ ගොවීන් තම වගාවන් හි අස්වැන්න යාපනයේ වෙළෙඳපොලට අලෙවිය සඳහා ගෙන එන විට පිරිසක් සෑම දිනකම සංවිධානය වී කප්පම් ලබා ගන්නා බවයි ගොවීන් ප‍්‍රකාශ කර ඇත්තේ.
යාපනය, කොඩිකාමම්, හා සින්නවේලි ප‍්‍රදේශවල වෙළදපොළවල් ආශ‍්‍රිතව මෙම කප්පන් ලබා ගැනීම් බහුල වශයෙන් සිදු වනවා.
එහෙත් මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ඉදිරිපත්ව නැති බවටයි එම රැස්වීමට එක් වූ පොලිසිය ප‍්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා හෝ එම කප්පන් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.