/
/
title icon
අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්
අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්
Editor
1 year ago
Share:
අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ජාත්‍යන්තර අරමුදල සමග අවබෝධතා ගිවිසුම ඉදිරි මාසයේදී අත්සන් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව පැවසූ මන්ත්‍රීවරයා සංවර්ධන වැඩපිළිවෙළ නැවතත් ආරම්භ කරමින් රට ඉදිරියට ගෙන යෑමට ඒ අනුව හැකිවනු ඇතැයි කියා සිටියා. 

රට ගිය වසරේ තිබූ තත්ත්වයට වඩා දැන් පවතින්නේ වෙනස් තැනක  බවත් අද විදුලිය කැපිල්ලක් නැති බවත් ඔහු පෙන්වා දුන්නා. 

අද රටේ ගෑස් තෙල් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා රුපියල් 600ට තිබු පරිප්පු, රුපියල්  250ට තිබූ හාල් අද අඩුවී තිබෙන බවත් ප්‍රකාශ කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required