
අන්තර් නිවර්ථන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් දැනට ඇති වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි දින වල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව 17 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.