/
/
title icon
පෙම්වතාට කාර්යාල දුරකතනයෙන් ඇමතුම් දුන්නාට තරුණියට පහරදුන් පහරදුන් යුවලට ඇප
පෙම්වතාට කාර්යාල දුරකතනයෙන් ඇමතුම් දුන්නාට තරුණියට පහරදුන් පහරදුන් යුවලට ඇප
Editor
1 year ago
Share:
පෙම්වතාට කාර්යාල දුරකතනයෙන් ඇමතුම් දුන්නාට තරුණියට පහරදුන් පහරදුන් යුවලට ඇප

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අමානුෂික ආකාරයෙන් තරුණියකට පහරදෙන වීඩියෝව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඳාන ප‍්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් අද පස්වරුවේ වැලිසර වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමේන අනතුරුවයි. 

එහිදි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලෙසටයි.

මෙම තරුණියට ආයතනයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස පහරදෙන අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ වීඩියෝ හුවමාරු වුණා. 

මෙම යුවළ එහිදී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරුයි නිරීක්ෂණය වුණේ.

පහරදීමේදී තරුණිය බිම ඇද වැටෙන අතර, ඉන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දෙන බව දැක්වෙනවා.  

සිද්ධියෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි තරුණිය මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක්. 

ඇය පහරදෙන පුද්ගලයාගේ ඥාති දියණියක් වන අතර, වසර කිහිපයක් තිස්සේ ඔහුගේ නිවසේ රැඳී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය මේ වනවිට කඳාන දිස්ත‍්‍රික් රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක් වූ තරුණිය කාර්යාලීය දුරකතනයෙන් සිය පෙම්වතාට ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required