
එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය මේ වනවිට දිල්ලි හිදි පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායමේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඇෆ්ගනිස්තානය පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 284ක් රැස්කළා.
වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ රහමනුල්ලා ගුර්බාස් පන්දු 57කදී ලකුණු 80 ලබා ගත් අතර, පන්දු යැවිමේදි අදිල් රෂිඩ් කඩුළු 3 ක් දවා ගත්තා.
කෙසේ වෙතත්, ජයග්‍රාහී ඉලක්කය හඹායන එංගලන්ත කණ්ඩායම මේ වනවිට පන්දුවාර 32 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින් අසීරු අඩියක පසුවනවා.
ඒ අනුව ඔවුන්ට පන්දුවාර 18 කදී තවත් ලකුණු 125 ක් ලබාගත යුතු වනවා.
ඒ සඳහා ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ කඩුළු 04 ක් පමණයි.

