
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම සඳහා නැවත කිව්.ආර්. ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ආණ්ඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ මේ දක්වා කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.
පලස්තීනය සහ ඊශ්‍රායලය අතර මේ වන විට පවතින යුධමය තත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවිය ඇති වේ යැයි අනුමාන කර ආණ්ඩුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒමට සූදානම් වන බව ඇතැම් පුවත් වාර්තා කර තිබුණා.