
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙන බවයි ඔහු කියා සිටියේ.
සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ මැයි මාසයේදී දිවයින පුරා මධ්‍යස්ථාන 3,568 කදී පවත්වනු ලැබුවා.
පරිගණක ගත කිරීමේ කටයුතු අවසන්වූ වහාම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ.