තලෛයිමන්නාරම - ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 94 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
සැක කටයුතු යාත්‍රාවක් අද අලුයම පරීක්ෂාවට ලක් කිරීමේදී එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්.
යාත්‍රාවේ තිබී අයිස් කිලෝ 04 යි ග්‍රෑම් 194 ක්, හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 34 ක් සහ හෂීස් කිලෝ 05 ග්‍රෑම් 254 ක් එලෙස නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම වැටලීම සිදුකර තිබුණේ උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයයි.