
ජාතික සංහිදියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට කටයුතු කරන නායකයෙකු වන බැවින් දෙමළ දේශපාලන නායකයන් දමිල ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් පවසනවා.
පසුගිය සමයේ ජනතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මේ වන විට යම් ප්‍රමාණයකට සමනය වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව කියා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු අවධාරණය කළේ ආර්ථික අර්බුදයෙන් රට මුළුමනින්ම ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව හා කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට සියලු දෙනා සහාය දිය යුතු බවයි.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්.
“රටේ පැවති ආර්ථික අවපාතය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. නමුත් එය තවමත් අසම්පූර්ණයි. ජනතාවගේ ජීවන බර සම්පූර්ණයෙන් අඩුව ඇති බවක් කියන්න බැහැ. එහෙත් පසුගිය ආර්ථික අර්බුදයේදී ජනතාව මුහුණ දුන් දුෂ්කරතා බොහොමයක් අඩුව තිබෙනවා. තවදුරටත් ජනතාව මුහුණ දෙන අපහසුතාවයන්ට අප තවදුරටත් පිළියම් යෙදිය යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශ ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. එය අඛණ්ඩව හා කාර්යක්ෂමව සිදු කළ යුත්තක් වනවා. ඒ සඳහා අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.
විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා විදියට රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් අඩු කිරීම අපේ වගකීමක් වනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීම බලපාන්නේ මේ රටේ ජීවත් වන සාමාන්‍ය ජනතාවට. ඒ නිසා ජනතාවගේ බලාපොරොත්තු ඉටු වන පරිදි භාණ්ඩ මිල අඩු කළ යුතුයි.
අපෙන් ඉටුවිය යුතු වැදගත්ම දේ එය බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩු මිලට ජනතාවට ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට වෙළද අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.
ඒ යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කළ ද වෙළෙඳුන් කිහිප දෙනෙකු විසින් තවමත් ඇතැම් භාණ්ඩවල මිල අඩු කර නැහැ. ඇතැම් නිෂ්පාදන තවමත් වැඩි මිළට අලෙවි කිරීමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. එබැවින් එවැනි නිෂ්පාදන අළෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපි පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ වගේම ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමට සහ සංහිදියාව තහවුරු කිරීමට ද අප කටයුතු කරනවා. ඒ සම්බන්ධව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට කටයුතු කළා. එහිදී 13 වැනි සංශෝධනය සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එම සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් අපේ ස්ථාවරය නම් ජනතා අපේක්ෂා ඉටුකිරීමයි.
තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රථම වරට දමිළ ජාතිකයෙකු නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ ගැන අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි. වත්මන් ජනාධිපතිවරයා විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්නය අවසන් කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම නම්‍යශීලීයි. ඒ නිසා ඔහු සමඟ සාකච්ඡා කර අපේ ප්‍රශ්න විසඳා ගැනීමට දෙමළ නායකයන් ඉදිරිපත් විය යුතුයි. එය ඔවුන්ගේ වගකීමක් ලෙස ගත යුතුයි. දෙමළ නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අපේ ප්‍රශ්න ගැනත් අපි ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අපි එම කටයුතු වේගවත් කළ යුතුයි.
අපට ලැබුණු කෙටි කාලසීමාව තුළ අප හැකි තරම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙන බවත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම ඉදිරියටත් මාර්ග සංවර්ධන, පාලම් ඉදිකිරීම්, කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර ආශ්‍රිත මෙන්ම ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම් වැනි සංවර්ධන වැඩසටහන් අපි හැකිතාක් ක්‍රියාත්මක කරනවා. නැගෙනහිර පළාතේ දිගින් දිගටම සිදුවන අනවසර වැලි ගොඩදැමීම් වැළැක්වීමට ද අප පියවර ගෙන තිබෙනවා.”