
ශ්‍රී ලංකාවට තවත් පරාජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී ලකුණු 215ක් රැස්කරමින් ජයග්‍රහණය හිමිකර ගනු ලැබුවා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 59කදී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 58ක් රැස්කර ගත්තා.
මිචෙල් මාෂ් පන්දු 51කදී හතරේ පහර 9ක් සමගින් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 52 ක්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකළා සටහන නිරත වූ ඩිල්ශාන් මදුශංක පන්දුවාර 9කදී නිලකුණු පන්දුවාර 2ක් සමග ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 209 ක් පමණයි.
එහිදී පැතුම් නිස්සංක පන්දු 67කදී හතරේ පහර 8ක් සමග ලකුණු 61ක් රැස්කර ගත්තා.
පන්දු 82කදී හතරේ පහර 12ක් සමග ලකුණු 78ක් රැස්කරගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.
Adam Zampa අගනා පන්දු යැවීමක නිරත වෙමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 47කට කඩුලු 4ක් දවා ගත්තා.