
සිසුන් අතර පැතිරී යන උණ, වමනය සහ පාචනය යන රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ විශ්ව විද්‍යාලයේ මාකඳුර පරිශ්‍රය අද සිට සතියක් වසා තැබීමට තීරණය කළ බව වයඹ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර මහතා පවසනවා.
පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සිසුන් අතර පැතිරී යන මෙම රෝගී තත්වය කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන පීඨයේ සිසුන්ටද පැතිරීයාම වැලැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
මාකඳුර පරිශ්‍රය තුළ ක්‍රියාත්මක පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සහ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන යන පීඨ දෙකෙහි 1,800 කට ආසන්න සිසු සිසුවියන් සංඛ්‍යාවක් අධ්‍යයන කටයුතුවල නිරත වන බවත්, මේ වනවිට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ අධ්‍යපන කටයුතු සිදුකරන බවත් ලේඛකාධිකාරීවරයා සඳහන් කළා.
පැතිරී යන රෝගී තත්වය පාලනය වූ වහාම නැවත සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි සිදුකිරීම සඳහා විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු සැලසුම් කර ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.