
ගම්පොල - මාවතුර - කලයිමහල් දෙමළ විද්‍යාල භූමියේ තිබූ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් පිපිරීමෙන් තුවාල ලැබූ සිසුන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ගෙන් එක් සිසුවෙකු පමණක් මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මෙලෙස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ එම පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 11 ක සිසුවෙක්.
පාසල් කාලය තුළදී මෙම සිසුන් 03 දෙනා පිටතට පැමිණි අවස්ථාවේ බෝලයක් වැනි යමක් දැක එක් සිසුවකු එයට පා පහරක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව සඳහන්.
පිපිරීමෙන් සිදු වූ අධික කම්පනය නිසා මෙම සිසුවා ගේ සපත්තුවක් කැඩීගොස් කකුලට ද හානි සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.