
Elon Musk හිමිකාරීත්වය දරන X සමාජ මාධ්‍ය ජාලයේ (මීට පෙර Twitter ලෙස හැඳින් වූ) ප්‍රධාන විශේෂාංග වෙත ප්‍රවේශ වීම සඳහා නවසීලන්තයේ සහ පිලිපීනයේ නව පරිශීලකයින්ගෙන් වසරකට අමෙරිකානු ඩොලරයක් අය කිරීම ආරම්භ කර තිබෙනවා.
නව අත්හදා බැලීමක කොටසක් ලෙස මෙලෙස ඔවුන්ගෙන් ඩොලරයක් අය කර ගැනීම සිදු කෙරෙනු ඇති.
ඒ අනුව ඩොලරයක් ගෙවන නව පරිශීලකයින්ට ට්වීට් කිරීමට, නැවත ට්වීට් කිරීමට, පෝස්ට් වලට කැමති වීමට සහ පෝස්ට් වලට පිළිතුරු දීමට හැකියාව ලැබෙනවා.
එලෙස ඩොලරයක් නොගෙවා ගිණුමක් සාදා ගන්නා පරිශීලකයින්ට පෝස්ට් කියවීමට, වීඩියෝ නැරඹීමට සහ ගිණුම් අනුගමනය (Follow) කිරීමට පමණක් හැකියාව හිමිවන බවයි Elon Musk සඳහන් කළේ.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ "අසත්‍ය තොරතුරු හුවමාරුව වැළැක්වීම සහ බොට් ක්‍රියාකාරකම් අඩු කිරීම" අරමුණ කර ගනිමින් මෙම පියවර ක්‍රියාවට නංවන බවයි.
එසේම, නව ගිණුමක් විවෘත කර ගැනීමේදී ඔවුන්ගේ දුරකථන අංකය සත්‍යාපනය කිරීම අනිවාර්ය අංගයක් කර ඇති අතර, ප්‍රධාන විශේෂාංග නොමැති "කියවීමට පමණක්" ගිණුම් සෑදීමට තවමත් අවකාශය පවතින බව Elon Musk පවසනවා.