
නිවාස සංවර්ධන අධිකාරිය 2011 වසරේදී කිසිදු ඇපකරුවකු නොමැතිව රුපියල් කෝටි 1000කට අධික නිවාස ණය ලබාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණා.
ඊට අමතරව එම අධිකාරියට 2015 වසරේදී අනවශ්‍ය පරිදි පුහුණු සේවකයන් 5,296 දෙනෙකු බඳවා ගෙන ඇති බවද එහිදී තොරතුරු හෙළි වුණා.
මෙම සේවකයන් සඳහා රුපියල් කෝටි 214 කට අධික මුදලක් වැටුප් ලෙස ගෙවා ඇතැයිද කෝප් කමිටුව පවසනවා.
එසේම, අධිකාරිය පසුගිය වසර පහේදී ලබා ඇති පාඩුව රුපියල් කෝටි 500 ක් බවටද එහිදී තොරතුරු අනාවරණය වුණා.