
පවතින තද වර්ෂාව සමග දියතලාව - හපුතලේ අතර උඩරට දුම්රිය මාර්ගයට ගල් පර්වතයක් පෙරලීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයේ පාලම අසල මෙම ගල් පර්වතය පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දුම්රිය මාර්ග කම්කරුවන් යොදා ගල් පර්වතය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියේ.
මේ හේතුවෙන් මහනුවර සිට බදුල්ල බලා පැමිණි බඩු දුම්රිය මේ වනවිට එම ගල පෙරළී ඇති ස්ථානයට නුදුරින් නවතා ඇති බව සඳහන්.