/
/
title icon
මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතී
මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතී
Editor
1 year ago
Share:
මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතී

සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසනවා.  
අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගත් බවයි ඔහු කියා සිටියේ. 
"ශ්‍රී ලංකාව තුළ සංචාරකයින්ට අවශ්‍ය ආහාරපාන හා සේවා පහසුකම් සපයනු ලබන විවිධ සංචාරක ස්ථාන සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන ලද, යෝජනාවකට අනුව මෙැවනි ස්ථාන සඳහා පහසුවෙන් සුරාබදු බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් පිළියෙල කරනු ලැබුවා. ඒ අනුව එම ස්ථාන අනුව මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කළා. එය ඇත්තටම ලබා දුන්නේ අවසරයක් ඇතිව. මේ අවස්ථාව වනවිට දිවයින පුරා 400 කට අධික ස්ථාන සංඛ්‍යාවකට එම අවසර පත්‍ර ලබාදී තියෙනවා. කෙසේ වෙතත් මේ සතියේ සිට එම බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා තිබෙනවා, අධිකරණය මගින් ලබාදුන් වාරණ නියෝගයකට අනුව. ඉදිරියේදී එම බලපත්‍ර ලබාදීමට සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වෙනවා." 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required