/
/
title icon
මැතිවරණවලට බය අගමැති ගැන සජිත් කියයි
මැතිවරණවලට බය අගමැති ගැන සජිත් කියයි
Editor
1 year ago
Share:
මැතිවරණවලට බය අගමැති ගැන සජිත් කියයි

අගමැතිවරයා ප්‍රමුඛ රජය ටොම් පච කියමින් මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරමින් යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 
පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී විපක්ෂ නායකවරයා ලෙස තමාද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමැත්ත පළ කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් රජය විසින් මාධ්‍ය හරහා ගෙන යන බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ. 
එවැනි කිසිදු තීරණයකට විපක්ෂ නායකවරයා ලෙස තමා එකඟ නොවූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. 
තමා සහභාගී වූයේ උපාධිධාරී කිහිප දෙනෙකුගේ රැකියා ගැටලුව, ග්‍රාමසේවා නිලධාරින්ගේ ගැටලු හා බඳවා ගැනීමේ ගැටලු ඉදිරිපත් කිරීම ආදී විෂයන් ගණනාවකට බවත් ඉන් පසු තමා ඉවත් වූ බවත්, එසේ ඉවත් පසු මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම සඳහා වූ රැස්වීමට තමා සහභාගී වූ බවට මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ප්‍රචාර සිදු කරමින් පවතින බවත්, මෙය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවත්, ටොම් පචයක් බවත් එය සනාථ කිරීම සඳහා පාර්ලිමේන්තුව සතුව වීඩියෝ පට තිබුණත් අගමැතිවරයා එය එළියට දැමීමට බියෙන් පසුවන බවටත් විපක්ෂ නායකවරයා චෝදනා කළා. උපදේශක කාරක සභාවේ සටහන්වල මන්ත්‍රීවරු යෝජනා කරපු දේ කතා කරපු දේවල් ඇති බවත්, හැකි නම් එම සටහන් සභාගත කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් එහිදී කියා සිටියා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required