/
/
title icon
එජාපයේ විශේෂ මහා සම්මේලනය අනිද්දා
එජාපයේ විශේෂ මහා සම්මේලනය අනිද්දා
Editor
1 year ago
Share:
එජාපයේ විශේෂ මහා සම්මේලනය අනිද්දා


පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අනිද්දා පස්වරු‌ දෙකට පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සංවිධාන කර තිබෙනවා. 
එය උත්කර්ෂවත් අයුරින් සංවිධාන කිරීමට ‌කටයුතු යොදා ඇති බවයි පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා කියා සිටියේ. 
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර සම්මේලනයේදී පක්ෂ ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධන කිහිපයක් ඇතුළත් කරන බවයි. 
අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩ නැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා මෙම ව්‍යවස්ථා වෙනස සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.  
මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහාද ව්‍යවස්ථාවේ සංශෝධන ඇතුළත්ව ඇති බවයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required