
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් 21 වැනිදා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.
අනිද්දා පස්වරු 5.00 සිට පසු දින එනම් 2023 ඔක්තෝබර් මස 22 වන ඉරිදා පෙරවරු 8.00 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජල පාරිභෝගිකයන්ගෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.