/
/
title icon
මන්නා රමේෂ්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තු
මන්නා රමේෂ්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තු
Editor
1 year ago
Share:
මන්නා රමේෂ්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් "මන්නා රමේෂ්" අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලීසිය කටයුතු කරමින් පවතිනවා. 
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාවන් රැසක් සඳහා සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.  
පොලීසිය පවසා ඇත්තේ මේ වනවිට මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම අපරාධවල නිරතවන බවයි. 
මන්නා රමේෂ් මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ සියලු තොරතුරු සහ සාක්‍ෂි පොලීසිය විසින් ලබාගෙන ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීමටයි පියවර ගෙන ඇත්තේ. 
අවිස්සාවේල්ල රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් මැණික් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගැනීම මන්නා රමේෂ් විසින් සිදුකරගෙන යන බවටයි පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත්තේ. 
මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයා වූ තල්දුවේ මහේෂ් නමැත්තා පොලිස් වෙඩි පහරින් මියයෑමෙන් පසු ඔහු එම මෙහෙයුමට සම්බන්ධවූ පොලිස් නිලධාරීන් සියලුදෙනාට මරණ තර්ජන එල්ල කර ඇති බවද පසුගියදා වාර්තා වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required