
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයෙන් අනතුරුව එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනු ලැබුවා.
ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් අනතුරුවයි.
විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ හිමිවනු ඇති.