
උතුරු - නැගෙනහිර පළාත් තුළ අද ප්‍රකාශයට පත් කළ හර්තාලය අසාර්ථක වී තිබෙනවා.
මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් මෙම හර්තාලය කැඳවා තිබුණේ දෙමළ දේශපාලන පක්ෂ හතක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්.
හර්තාලයක් ප්‍රකාශයට පත්කර තිබුණත්, එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි අද දිනයේදී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීම නතර කිරීම සහ මඩකලපුව - මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරෝධය පළ කිරීම මෙම හර්තාලයේ තවත් අරමුණක්.
හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවත් පාසල් දරුවන් වෙනුවෙන් වාර විභාග පැවැත්වෙන බැවින් දරුවන් සාමාන්‍ය පරිදි පාසල් පැමිණි බව වාර්තා වනවා.
රාජ්‍ය ආයතනද සාමාන්‍ය පරිදි අද දිනයේදී ක්‍රියාත්මක වන බව සඳහන්.