
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 5.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කරන අතර, අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි ඔවුන් නිවේදනය කළේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන්.