
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසනවා.
ඔක්තෝම්බර් මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,339 දෙනෙකු වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 14,070ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13,742ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,307ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.
නිවෙස් අවට සහ කාර්යාල,පාසල් අවට පරිශ්‍රවල ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන ඉවත් කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසන්නේ.