
අමාත්‍ය ධුර කිහිපයක් සංශෝධනයක් අද පෙරවරුවේ සිදු කෙරුණා.
ජනාධිපති කාර්යාලයේදී අදාළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත්, ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නා.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, රංජිත් සියඹලාපිටිය මහතා විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.



