/
/
title icon
වී අලෙවි මණ්ඩලයේ ලක්ෂ දහසක වී තොග අතුරුදන්
වී අලෙවි මණ්ඩලයේ ලක්ෂ දහසක වී තොග අතුරුදන්
Editor
1 year ago
Share:
වී අලෙවි මණ්ඩලයේ ලක්ෂ දහසක වී තොග අතුරුදන්

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂි කර්ම අමාත්‍යාංශය පවසනවා. 
අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර ඇති බව සඳහන්. 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගබඩා පහක මේ සොරකම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 
ඒ අනුව අදාළ සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කරනු ලැබුවා. 
අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 
2020 -2021  කාල පරිච්ඡේදයේ මිලදී ගත් වී තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required