
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කළ විරෝධතාවකට පොලීසිය විසින් පාලම් තුන හන්දිය ප්‍රදේශයේදී අද පස්වරුවේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
විරෝධය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධාන කර තිබූ අතර, පසුව විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේදීයි පොලීසිය විසින් මෙලෙස ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ.
මේ හේතුවෙන් බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.