
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට, එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද සහ හෙට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් 03 දෙනෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා බලපත්‍ර ලබාදෙන ලෙසත් විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර අලුත් කරන ලෙසත් ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියා.
එම ඉල්ලීමට ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා එකඟ වූ බවත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඉල්ලා සිටි බවත් තානාපතිවරයා ප්‍රකාශ කළා.
එසේම විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබා දීමටද අධ්‍යක්ෂක ජනරාල්වරයා එකඟ වූ බව තානාපතිවරයා කියා සිටියා.
ඒ හේතුවෙන් මෙම වැඩසටහන සංවිධාන කළ බවත් අද දිනයේදී ඊට විශාල පිරිසක් සහභාගී වූ බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.