
රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළා.
ඒ අනුව දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාළ ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.